Posted on

බුදුන් උපන්නේ ජම්බුද්දීපයේද?

where-buddha-born-budun-upan-rata බුදුන් උපන්නේ ජම්බුද්දීපයේද

බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ හෙළි කළහ.
බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත.

මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය.
Continue reading බුදුන් උපන්නේ ජම්බුද්දීපයේද?

Most reason search:

  • අනුනගේ ලෝකය ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ
  • බුදුදහම හා ජීව තාක්‍ෂණය
Posted on

සෝතාපන්න හෙවත් සෝවාන් ඵලය ලැබීම

සෝතාපන්න හෙවත් සෝවාන් ඵලය ලැබීම

බුදු දහමේ සෝතාපන්න හෙවත් සෝවාන් ඵලය ලැබීම යනු නිර්වාණය සඳහා ගමන් කරන මාර්ගයේ පළමුවැනි පියවරයි. සෝවාන් පුද්ගලයා යනු සක්ඛායදිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස සංයෝජන ප්‍රහීන කළ පුද්ගලයා වේ.

බුද්ධ දේශනාවට අනුව සෝවාන් ඵලයට පැමිණීමෙන් පසු අනිවාර්යෙන්ම මේ භවයේදී හෝ තවත් භව 7 ක් ඇතුළත දී නිර්වාණය අවබෝධ කර ගනී. රත්න සුත්‍රයේ එන

“නතේ භවන් අට්ට මන් ආදී යන්ති”

යනුවෙන් සඳහන් වන්නේ මේ අදහසයි. එසේම සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි ආත්ම 7 තුළදී පහත් හෝ දුක් සහිත (සත්ව, ප්‍රේත, නිරය) භවයක උපත නොලබයි. ඔවුන් බුද්ධ දේශනාව පිළිබඳ නොබිඳෙන ග්‍රහණයක් ලබාගෙන ඇත. එසේම තෙරුවන් (බුද්ධ, ධම්ම, සංඝ) කෙරෙහි අචල විශ්වාසයකින් යුක්තව ශීලය සපුරා සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්ම ඇස විවෘතව පවතින නිසා හොඳින් ධර්මය අවබෝධ කර ගැනීමට සමත්ය. සෝවාන් ඵලයට පැමිණිමේදි ප්‍රහීණ වන සංයෝජන නම්
Continue reading සෝතාපන්න හෙවත් සෝවාන් ඵලය ලැබීම

Posted on

රහතන් වහන්සේලා වැඩ සිටින බව හදුනාගන්නේ කෙසේද ?

රහතන් වහන්සේලා වැඩ සිටින බව හදුනාගන්නේ කෙසේද

ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනක යාමට මේ ලෝකයේ උපදින සත්වයාට සිදු වේ. එහෙත් මේ සංසාර ගමන කෙළවර කොට, උතුම් වූ අමා නිවන අවබෝධ කර ගැනීමට හැකි පුණ්‍යවන්තයන් මේ ලෝකයේ පහළ වේ. ඒ පුණ්‍යවන්තයන් තමන්ගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් නෑ හිත මිතුරන් අත්හරී. තමාට හිමි වතු පිටි, ගේ දොර, ඉඩකඩම් ඇතුළු සියලු වස්තූන් ද අත්හරී. මේ සියල්ල අත්හැර මේ බුද්ධ ශාසනයේ බඹසර හැසිරෙන්නේ ඒ උතුම් අරමුණ මුදුන් පත් කර ගැනීමට ය.

ඒ උතුමන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නිවන් මගේ මැනවින් හික්මෙයි. තම සිතේ ඇති රාග, ද්වේෂ, මෝහාදී තිමිර පටල සුණු විසුණු කරමින් තම සිත කැළඹී තිබූ දිය නිශ්චල වන්නා සේ මැනවින් දමනය කර ගනී. ඉන් පසුව ඒ උතුමන් වහන්සේලා වීතරාගී ව, වීතදෝෂී ව වැඩ වසන්නේ අමා නිවන් සුවය අත් විඳිමිනි. ඒ උතුමන් වහන්සේලා හඳුන්වන්නේ ‘රහතන් වහන්සේලා’ යන නමිනි.

ඇත්තෙන්ම ‘රහතන් වහන්සේ’ යන නම ඇසීම පවා අපේ සිතට මහත් සැනසුමකි. සිතට මහත් සුන්දරත්වයක් ගෙන දෙන්නකි. උන්වහන්සේලා උපදින්නේ මේ මහා පොළොවේ සිටින මිනිසුන් අතර ම ය. මිනිසුන් අතර ම හැදී වැඩී තමන්ගේ ගුණධර්ම දියුණු කරගෙන නිවන් සුවය අත් විඳිමින් වැඩ වාසය කරයි. ඒ රහතන් වහන්සේලා වනාහී ආශ්චර්යවත් උතුමන් පිරිසකි.

රහතන් වහන්සේලාගේ ජීවිත පැවැත්ම හරි ම සුන්දර ය. නිදහස් සිතකින් වැඩ වාසය කරයි. කා සමඟවත් ඇලීමක් ගැටීමක් නැතිව ම පෝදා පුන් සඳ මෙන් වැඩ වාසය කරයි. ඉතාමත් සැහැල්ලු, සරල ජීවිතයක් ගත කරමින් මේ මහා පොළොව මත ඇවිද යන්නේ රහතන් වහන්සේලා ම පමණි.
Continue reading රහතන් වහන්සේලා වැඩ සිටින බව හදුනාගන්නේ කෙසේද ?

Posted on

හය හතර දන්නවද? Monawada mea Haya Hathara?

හය හතර දන්නවද? Monawada mea Haya Hathara?

අපේ සිංහල ජනවහරේ ‘හය හතර’ නොදන්නාකම පරිහානීය ලක්‌ෂණයක්‌ ලෙස සැලකේ. යම්කිසි දැනුමකින් තොරව පහත් අන්දමේ වැඩකටයුතු සිදුකරන යම් යම් පුද්ගලයන්ද හය හතර නොදන්නවුන් ලෙස ප්‍රකාශ වෙතත්, බොහෝ දෙනෙක්‌ මෙහි අරුත දැන සිටීදැයි සැක සහිතය. කෙසේ වෙතත් මෙය නිවැරැදිව තේරුම් ගැනීම වැදගත් වේ. හය යනු දිව්‍ය ලෝක හයයි. හතර යනු අපාය හතරයි.

හොඳ වැඩ හෙවත් යහපත් ක්‍රියා ලෙස සැලකෙන පුණ්‍යකර්ම සිදුකරන පුද්ගලයන් දිව්‍ය ලෝක හයෙන් එකක උපදින අතර නරක ක්‍රියා සේ සැලකෙන පාප කර්ම සිදුකරන පුද්ගලයන් අපාය සතරෙන් එකක උපදින බවත් දහමේ ඉගැන්වේ. මේ අනුව දිව්‍ය ලෝක හය සහ සතර අපාය පිළිබඳව සාමාන්‍ය හැඳින්වීමක්‌ මෙතැන් සිට සිදුවේ.

චාතුම්මහා රාජිකය, තාවංතිසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්ති යනුවෙන් හැඳින්වෙන්නේ සදෙව්ලොව හෙවත් දිව්‍යලෝක හයයි. මේවායේ නාමයන් ඒ ඒ ලෝකවල ස්‌වභාවයන් හඟවයි. එකින් එක වෙන වෙනම ගෙන එම ලෝකවල ස්‌වභාවය විමසා බලමු.
Continue reading හය හතර දන්නවද? Monawada mea Haya Hathara?

Most reason search:

  • haya hathara
  • haya hathara nodaneema
  • ත්‍රිවිධ රත්නයේ ගුණයන්
  • බෞද්ධ දිව්‍යලෝක හය
Posted on

සමාජ අපරාධකරුවන් බිහි වන්නේ කෙසේද?

සමාජ අපරාධකරුවන් බිහි වන්නේ කෙසේද

මනස මිතුරු බවින් නොපිරිනු තැනැත්තියකට දරුවන් ලැබුණ පමණින් “අම්මා” යන උදාර මව් පදවියෙන් ආමන්ත්‍රණය කිරීම හෝ අගය කිරීම සුදුසු නැහැ.අපගේ සංස්කෘතිය විසින් අපට ලබාදී තිබෙන්නාවූ වටිනාකම්ය. මනස ප්‍රඩණ්ඩකාරී බවින් තොරව සැහැල්ලුවෙන් සිත පාලනය කරගැනීමට හැකිවන ආකාරයේ ශක්තියක් මවක විසින් ඇතිකර ගත යුතුයි.

ගේ දොර පිළිවෙළකට තබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමෙන් හෝ බණ භාවනා කිරීමෙන් හෝ වෙනත් කාර්යයක නියැලී හෝ තමාගේ මනස තුළ පවතින කේන්තිය පහව යන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. කේන්තිය තරහව මනස තුළ රැඳීපවතින්නේද,එකම අදහසක් මනස තුළ ඒකාකාරීව පැවතුන හොත් පමණයි.වෙනත් කාර්යයක නියැලීම තුළින් එම සිතිවිලි වෙනස් වූ විට එම කේන්තිය තරහව වෙනස් කර සිත පාලනය කරගත හැකි වෙයි. “මෙත්තා”ව යන උදාර පාරමිතාව නොමැතිකමෙන් වර්තමාන සමාජය තුළ ගැටුම් බහුලව පවතියි. ඇතැමි දෙමවිිපියන් දරුවන්ට සාහසික ආකාරයෙන් කටයුතු කරනු ලබන්නේ මෛත්‍රිය නොමැතිකමයි. ඇතැමි දරුවන්ද දෙමවිපියන්ට සාහසික ආකාරයෙන් කටයුතු කරනු ලබන්නේද, මෛත්‍රිය නොමැති නිසයි. එවැනි තැනැත්තෙක් හෝ එවැනි තැනැත්තියක් දරුවෙකු හදාවඩා මවක හෝ පියෙකු වන්නේ කෙසේද? දරුවෙකු සිටි පමණින් පියෙකු විය හැකිද? දරුවෙකු සිටි පමණින් මවක විය හැකිද?
Continue reading සමාජ අපරාධකරුවන් බිහි වන්නේ කෙසේද?