Posted on

Pirikara Shops in Sri Lanka – Atapirikara and Pooja Bhanda

Sending Pirikra to any address in Sri Lanka. Sesanda is known for online services related to Pirikara in Sri Lanka.

Sesanda online store provide finest quality atapirikara(අටපිරිකර or අට පිරිකර – eightfold requisites) and pirikara.

Sesanda Atapirikara and Pooja Bhanda shop is located in heart of Kiribathgoda city.

Other available pirikara shops in Sri Lanka by city

Pirikara shops in Kiribathgoda – කිරිබත්ගොඩ පිරිකර වෙළදසැල්

  1. Sesanda Pooja Bhanda and Atapirikara Madura – සෙසඳ පූජා භාණ්ඩ සහ අටපිරිකර මැදුර
  2. Sri Puja Banda – ශ්‍රී පූජා භාණ්ඩ
  3. Viranja Pirikara – විරන්ජා පිරිකර
  • Pirith Sermon Chaithya

    Pirith Sermon Chaithya පිරිත් දේශනාකරන චෛත්‍ය

    Sale!

    රු5,500.00 රු4,750.00

  • Only Sesath set without Mura Ayuda

    Only Sesath set without Mura Ayuda

    Sale!

    රු11,000.00 රු10,500.00

  • Thai Buruma - Ata pirikara with Stainless Steel Thai Pathra Alms bowl

    Thai Buruma – Ata pirikara with Stainless Steel Thai Alms Bowl

    Sale!

    රු9,900.00 රු9,000.00

  • Thai Buruma - Ata pirikara with Stainless Steel Thai Pathra Alms bowl

    Thai Buruma – Ata pirikara with Stainless Steel Thai Pathra

    Sale!

    රු8,000.00 රු7,500.00

  • Thai Muthu Kudaya - Kuda, Thai Pearl Umbrella

    Thai Muthu Kudaya – Kuda, Thai Pearl Umbrella

    Sale!

    රු6,750.00 රු6,500.00

 

Pirikara shops in Nugegoda – නුගේගොඩ පිරිකර වෙළදසැල්

  1. Sausiri Textile – සව්සිරි ටෙක්ස්ටයිල්
  2. Chandrasiri Textile – චන්ද්‍රසිරි ටෙක්ස්ටයිල්
  3. Heladiwa Pirikara – හෙළදිව පිරිකර

Pirikara shops in Maradana – මරදාන පිරිකර වෙළදසැල්

  1. Vidyadara Pirikara – විද්‍යාදාර පිරිකර
  2. New Darshana Stores – දර්ශන ස්ටෝර්ස්
  3. Missaka Pirikara – මිස්සක පිරිකර
  4. Wiliyams Pirikara – විලියම්ස් පිරිකර
  5. New Laksiri Pirikara – ලක්සිරි පිරිකර
  6. Ashoka Pirikara – අශෝක පිරිකර
  7. Dayaraja Saha Samagama – දයාරාජ සහ සමගම
  8. Western Drepary Stors – වෙස්ටන් ඩ්රේපරි ස්ටෝර්ස්
  9. Wijesena Saha Sahodarayo – විජේසේන සහ සහෝදරයෝ
  10. Gamage Trade Centre – ගමගේ ට්‍රේඩ්සෙන්ටර්
  11. Samayawardhana Pirikara – සමයවර්ධන පිරිකර
  12. Bathimini Pirikara – බැතිමිණි පිරිකර

Pirikara shops in Pettah– පිට කොටුව පිරිකර වෙළදසැල්

  1. A D P Appuhami Atapirikara & Puja Banda – අප්පුහාමි පූජා භාණ්ඩ
  2. Chandrasiri Textile – චන්ද්‍රසිරි ටෙක්ස්ටයිල්
  3. Heladiwa Pirikara – හෙළදිව පිරිකර

Most reason search:

  • edirisinghe pooja bhanda
  • puja banda shop in nugegoda sri lanka
  • thivil puja baanda
  • vidyadara atapirikara
Posted on

Standards for Robes and Atapirikara (SLS)

Standards_Robes_Atapirikara_by_CAA_and_SLSI_Sri_Lanka

Standards for Robes and Atapirikara have been come to significant need as part of remove inferior items. Consumer Affairs Protection Authority (CAA) and Sri Lanka Standards Institute have been instructed to stipulate new quality standards in the production and sale of Atapirikara and Robes.

According to the existing and accepted standards for Atapirikara that were gazetted on a recommendation by the Buddha Sasana Ministry under the Consumer Protection Authority Act, the items should conform to Sri Lanka Standard SLS 1257 and SLS 1258.

Two special gazette announcements have been issued as follows. 1918-20_S

1918-21_S,1918-21_S
Continue reading Standards for Robes and Atapirikara (SLS)

Posted on

අටපිරිකරට අයත් වන්නේ – What includes to Atapirikara

අටපිරිකර යනු පැවිදි ජීවිතයට පැමිණි දින සිට භික්‍ෂුව එදිනෙදා පරිහරණය කිරීමට ගනු ලබන උපකරණ කට්‌ටලයයි.

අටපිරිකර කට්‌ටලයට ඇතුළත් විය යුතු උපරකණ වන්නේ

  • තනිපට සිවුර
  • දෙපට සිවුර
  • අඳනය
  • පාත්‍රය
  • දැලි පිහිය
  • බඳ පටිය
  • පෙරහන්කඩ
  • නූල, ඉඳිකටුවය

විනයානුකූල අටපිරිකරක් සැකසීමට රෙදි යාර 23ක් පමණ අවශ්‍යයි. තනිපට සිවුරකට අඟල් 36න් නම් යාර නවයහමාරක් පමණ ද අඟල් 45න් නම් යාර හයහමාරක් පමණ ද අවශ්‍යයි.විනයානුකූල සිවුරක උස අඟල් 81ක් හා පළල අඟල් 99-101 පමණ වනවා. දෙවුර වසනවානම් ඊටත් වඩා වැඩි පළලක් ඕනා.ඒ රෙදි ප්‍රමාණය තීරණය කරන්නේ ස්වාමීන්වහන්සේගේ වැලමිටේ සිට මැදැඟිල්ලේ කෙළවරට ඇති උස අනුවයි.දෙපට සිවුරකට සාමාන්‍යයෙන් රෙදි යාර 13ක් පමණ අවශ්‍යයි.

Continue reading අටපිරිකරට අයත් වන්නේ – What includes to Atapirikara

Most reason search:

  • what is included in atapirikara
Posted on

අටපිරිකර පූජනීය කරන්න – විනයානුකූල පරිෂ්කාර පූජාව

Pirikara pujawaමහත් පල මහානිශංස ලැබෙන කුසල් අටෙන් එකක් හැටියටයි බෞද්ධයන් අට පිරිකර පූජාව හඳුන්වන්නේ. ඒත් ඊයේ පෙරේදා අහන්න ලැබුණු තොරතුරු දෙස බැලුවම අද කාලෙ ඇතැම් උදවිය පින පව ගැනවත් හිතනවද කියලත් සැක හිතුණා.යහපත් කර්මාන්තයක් කරගෙන ජීවත්වෙන පූජා භාණ්ඩ වෙළෙඳුන්ටත් විශාල අගෞරවයකටමුහුණ දෙන්න සිදු වුණු කාරණයක් බවට පත් වූ ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ වෙළෙඳුන් හැට දෙනකුපමණ පාරිභෝගික සේවා අධිකාරියෙන් වටලද්දී ඒ අතර මහ පරිමාණයෙන් විනය විරෝධී අට පිරිකර නිපද වූ කම්හලකුත් හසුවුණා. ලෝකය පුරා බෞද්ධ දර්ශනය ගැන උනන්දු වන පිරිස වැඩිවෙමින් පවතින අතරම එය විකෘති කිරීමටත් ඇතැම් පිරිස් වැර දරන කාලයක ථෙරවාදී බුදු දහම පවතින එකම රටේ මෙවන් සිදුවීම් වාර්තා වීම කෙතරම් සාධාරණ ද කියා අප විද්වතුන් කිහිපදෙනකුගෙන් විමසුවා.

පළමුවෙන්ම අටපිරිකර පූජා කිරීමේ ආනිශංස පිළිබඳව අපට පහදා දුන්නේ සෝමාවතී රජ මහ විහාරාධිපති සියම්මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරීපහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේයි.

“පුරුෂයකු නම් සසර කෙළවර වන අත් භවයේ දී ඒහි භික්ෂුභාවයෙන් යුතුව නිවන් අවබෝධ කර ගැනීමටත්, කාන්තාවක නම් මහා මේල පලඳනාව ලබාගෙන පංච කල්‍යාණයෙන් යුතුව ඉපදී මහණ වී අර්හත්බව ලබා නිර්වණාවබෝධයට පිවිසීමටත් ඉන් පෙර උපදින භවයක් පාසා ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදී සම්පත් ලැබීමටත් හේතු වන පූජාවක් ලෙසයි අටපිරිකර පූජාව හඳුන්වන්නේ.

එවන් පුණ්‍ය කටයුත්තක් සඳහා ශ්‍රද්ධාවෙන් යුතුව පූජා කරන තනි පට සිවුර, දෙපට සිවුර, අඳනය, පටිය, දැලි පිහිය, පෙරහන්කඩය, පාත්‍රය, ඉඳිකටු නූල් ඇතුළත් අටපිරිකර දුර්වර්ණ ආකාරයෙන් විනයානුකූල නොවන අයුරින් දායකයන් මුලා කර ලබා දීම මහා බරපතළවැරැද්දක්.විනය පිටකයේ චීවරකන්දකයේ විනයානුකූලව මේ අටපිරිකර සකස් කළ යුතු ආකාරය සඳහන් වෙනවා.”
Continue reading අටපිරිකර පූජනීය කරන්න – විනයානුකූල පරිෂ්කාර පූජාව

Posted on

Atapirikara saha Dolos Pirikara

Katina Atapirikara Poojawa වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ් අට පිරිකර(Atapirikara) පූජාව හා දොළොස් පිරිකර(Dolos Pirikara) පූජාවයි

බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ
සහකාර කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
වැලිවිට සොරත හිමි

ඈත අතීතයේ පටන් ම මිනිසා විසින් දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් කිරීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, දැකීම නිවැරැදි කර ගැනීම යන දසවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදුකරගෙන එනු ලබයි. ඒවා අතරින් බොහෝ දෙනෙක් වැඩි නැඹුරුතාවක් දක්වා ඇත්තේ ද දන්දීම කෙරෙහිය. එයට හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ දන්දීමට බොහෝ දෙනා දක්වන රුචිකත්වයයි. එහෙත් දන්දීම සෑම පුද්ගලයකුට ම සිදුකළ නොහැකිය. සසරේ දන්දී පුරුදු පුහුණු වූ අයට එසේ දන්දීම සිදුකළ හැකිය. ‘දානය’ යන්නෙන් කියවෙන්නේ දීම, පරිත්‍යාගය අත්හැරීම යනාදී තේරුම් ය. කෙනකු විසින් දන්දිය යුත්තේ තමන්ට වඩා ගුණ නුවණින් වැඩි සිල්වත් පුද්ගලයකුටය. දුගී මගී යාචකයන්ට මෙන් ම සතුන්ට දෙන්නා වූ ආහාර පාන වස්ත්‍ර ආදිය ද දානයක් බව කිව හැකිය. එහෙත් මෙවැනි දාන වර්ග එම පුද්ගලයන් කෙරෙහි හෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් දෙන්නා වූ දානයක් වන්නේය. එවැනි දාන බුදු දහමේ පෙන්වා දී ඇත්තේ අනුග්‍රහ බුද්ධියෙන් දෙන්නා වූ දානයන් හැටියටය. මෙසේ දෙන්නා වූ දානයට වඩා සිල්වත්, ගුණවත් කෙනකුට දෙන්නා වූ දානය උසස් වන්නේය. ආනිසංස දායක වන්නේ ය. බුදු දහම තුළ මෙවැනි දාන පූජා බුද්ධියෙන් දෙන්නා වූ දාන ලෙස හඳුන්වා තිබේ. පූජා බුද්ධියෙන් දානයක් දෙන විට දෙන තැනැත්තා කෙරෙහි යටහත් පහත් භාවය දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම කරමින් එම දානය පිළිගන්වයි. කෙසේ වෙතත් දානයක් පූජා කිරීමෙන් අනතුරුව අප විසින් අපට වාසිදායක අන්දමින් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතුය. එසේ බලාපොරොත්තු වන්නේ නම් විය යුත්තේ එයින් ලැබෙන ආනිසංස මොනවාද යන්න පිළිබඳ ව සිතීම පමණි. එසේ නොවන්නේ්නම් එය දානයකට වඩා මුදලාලිකමක් වන බව කිව හැකිය. මුදලාලි කෙනෙක් අපට යම් දෙයක් දෙන්නේ අපෙන් මුදල් රැගෙනය.
Continue reading Atapirikara saha Dolos Pirikara

Most reason search:

  • dolos pirikara