Posted on

බුදුන් උපන්නේ ජම්බුද්දීපයේද?

where-buddha-born-budun-upan-rata බුදුන් උපන්නේ ජම්බුද්දීපයේද

බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ හෙළි කළහ.
බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත.

මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය.
Continue reading බුදුන් උපන්නේ ජම්බුද්දීපයේද?

Most reason search:

  • අනුනගේ ලෝකය ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ
  • බුදුදහම හා ජීව තාක්‍ෂණය
Posted on

සෝතාපන්න හෙවත් සෝවාන් ඵලය ලැබීම

සෝතාපන්න හෙවත් සෝවාන් ඵලය ලැබීම

බුදු දහමේ සෝතාපන්න හෙවත් සෝවාන් ඵලය ලැබීම යනු නිර්වාණය සඳහා ගමන් කරන මාර්ගයේ පළමුවැනි පියවරයි. සෝවාන් පුද්ගලයා යනු සක්ඛායදිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස සංයෝජන ප්‍රහීන කළ පුද්ගලයා වේ.

බුද්ධ දේශනාවට අනුව සෝවාන් ඵලයට පැමිණීමෙන් පසු අනිවාර්යෙන්ම මේ භවයේදී හෝ තවත් භව 7 ක් ඇතුළත දී නිර්වාණය අවබෝධ කර ගනී. රත්න සුත්‍රයේ එන

“නතේ භවන් අට්ට මන් ආදී යන්ති”

යනුවෙන් සඳහන් වන්නේ මේ අදහසයි. එසේම සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි ආත්ම 7 තුළදී පහත් හෝ දුක් සහිත (සත්ව, ප්‍රේත, නිරය) භවයක උපත නොලබයි. ඔවුන් බුද්ධ දේශනාව පිළිබඳ නොබිඳෙන ග්‍රහණයක් ලබාගෙන ඇත. එසේම තෙරුවන් (බුද්ධ, ධම්ම, සංඝ) කෙරෙහි අචල විශ්වාසයකින් යුක්තව ශීලය සපුරා සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්ම ඇස විවෘතව පවතින නිසා හොඳින් ධර්මය අවබෝධ කර ගැනීමට සමත්ය. සෝවාන් ඵලයට පැමිණිමේදි ප්‍රහීණ වන සංයෝජන නම්
Continue reading සෝතාපන්න හෙවත් සෝවාන් ඵලය ලැබීම

Posted on

විශ්වයේ තවත් බුදුවරු සිටිය හැකියිද?

විශ්වයේ තවත් බුදුවරු සිටිය හැකියිද

අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි.

අපවත්වන තුරුම ත්‍රිපිටක ග්‍රන්ථ සහ නවීන විද්‍යා පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු ප්‍රඥාවෙන් ලෝකයාට දයද කල සේක.

මහ නායක හාමුදුරුවනේ, ලෝක විෂය අනන්තයි, අචින්ත්‍යයි කියන්නේ ඇයි ?

බුදු දහමට අනුව, විශ්වයේ අගක් මුලක් මැදක් දකින්න බැහැ. ලෝක විෂයේ මෙම කෙළවරක් නැති ස්වභාවය “අනවරාග්‍ර” නමින් හඳුන්වනවා. මේ සියලු ලෝක ධාතු (සක්වළවල්) හේතුන් නිසා හටගෙන ඇති බැවින් කලින් කලට මේවා විනාශ වෙලා යනවා. එක් සක්වළක් විනාශ වෙන කොට තවත් අලුත් සක්වළක් නිර්මාණය වෙනවා.
Continue reading විශ්වයේ තවත් බුදුවරු සිටිය හැකියිද?

Posted on

හය හතර දන්නවද? Monawada mea Haya Hathara?

හය හතර දන්නවද? Monawada mea Haya Hathara?

අපේ සිංහල ජනවහරේ ‘හය හතර’ නොදන්නාකම පරිහානීය ලක්‌ෂණයක්‌ ලෙස සැලකේ. යම්කිසි දැනුමකින් තොරව පහත් අන්දමේ වැඩකටයුතු සිදුකරන යම් යම් පුද්ගලයන්ද හය හතර නොදන්නවුන් ලෙස ප්‍රකාශ වෙතත්, බොහෝ දෙනෙක්‌ මෙහි අරුත දැන සිටීදැයි සැක සහිතය. කෙසේ වෙතත් මෙය නිවැරැදිව තේරුම් ගැනීම වැදගත් වේ. හය යනු දිව්‍ය ලෝක හයයි. හතර යනු අපාය හතරයි.

හොඳ වැඩ හෙවත් යහපත් ක්‍රියා ලෙස සැලකෙන පුණ්‍යකර්ම සිදුකරන පුද්ගලයන් දිව්‍ය ලෝක හයෙන් එකක උපදින අතර නරක ක්‍රියා සේ සැලකෙන පාප කර්ම සිදුකරන පුද්ගලයන් අපාය සතරෙන් එකක උපදින බවත් දහමේ ඉගැන්වේ. මේ අනුව දිව්‍ය ලෝක හය සහ සතර අපාය පිළිබඳව සාමාන්‍ය හැඳින්වීමක්‌ මෙතැන් සිට සිදුවේ.

චාතුම්මහා රාජිකය, තාවංතිසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්ති යනුවෙන් හැඳින්වෙන්නේ සදෙව්ලොව හෙවත් දිව්‍යලෝක හයයි. මේවායේ නාමයන් ඒ ඒ ලෝකවල ස්‌වභාවයන් හඟවයි. එකින් එක වෙන වෙනම ගෙන එම ලෝකවල ස්‌වභාවය විමසා බලමු.
Continue reading හය හතර දන්නවද? Monawada mea Haya Hathara?

Most reason search:

  • haya hathara
  • haya hathara nodaneema
  • ත්‍රිවිධ රත්නයේ ගුණයන්
Posted on

විශ්වයම පරදවන ත්‍රිවිධ මෙහෙයුම

කොබ්බෑවල සුමනදාස වීරසිංහ

අංගුත්තර නිකායේ තික නිපාතයේ මුළුමහත් විශ්වය පුරාම ඇති ජීව අජීව සියලුම සත්වයන් හා භෞතික දේවල් සිය ග්‍රහණයට ගෙන යටත් කර ගන්නා පොදු ධර්මතාවයක්‌ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළසේක.

“තිනිමානි භික්‌ඛවෙ සංඛ්‍යතස්‌ස සංඛත ලක්‌ඛණානි තිනිමානි තීනි උප්පාදො පඤ්ඤායති වයො පඤ්ඤායති ධිතස්‌ස අඤ්ඤතත්ථං පඤ්ඤායති.
Continue reading විශ්වයම පරදවන ත්‍රිවිධ මෙහෙයුම