Posted on

මොන අටමඟුල මේ?

අටමඟල-අටමගල-atamagala

අටමගල කියන වචනෙ ඇහුණ ගමන් ඔළුවට එන්නෙ කොහොම අදහසක්ද? ගොඩක් වෙලාවට, නිතරම කැඩෙන කසිකබල් යන්ත්‍රයක්. වැඩකට නැති, නැතුවත් බැරි දෙයක් හෝ බොහෝ වෙලාවට මොකක් හරි වරදක් තියෙන දෙයක්.

ඒත් පුරාණයේ අටමඟල කිව්වෙ මීට වඩා වෙනස් දේකට. ඇත්තටම අටමඟල කියන වචනෙ තේරුම “අෂ්ඨ මංගල වස්තු” කියන එකයි. එහෙම බැළුවම වර්තමාන ව්‍යවහාරයේ එන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථනයක් නෙ. අපි අතින් ලොකු වැරදීමක් වෙලා වගේ නේද? මංගල කටයුතු, එහෙමත් නැත්නම් සුභ කටයුතු වලදී මෙම අටමඟල අතීතයේදී යොදාගැණුනා වගේම අදටත් භාවිතා වෙනවා.

අෂ්ඨ මංගල වස්තු වලට අයත් වෙන්නෙ

  • ස්වස්ථික
  • පුන් කලස්
  • චාමර
  • ප්‍රදීප
  • ඡත්‍ර
  • දර්පණ
  • ශංඛ සහ
  • ශ්‍රී වත්ස

යන සලකුණුයි

සෙත් ශාන්ති ලඟා කරගැනීම ආදී විශ්වාසයන් හේතුවෙන් අටමඟල යන්ත්‍ර පැලඳීමක් ගැන හින්දු වේදයේ සටහන් වෙනවා. මීට අමතරව ශාන්තිකර්ම, පෙරහැර, විවාහ, නිවෙස් ඉදිකිරීම්, නේත්‍රා මංගල්‍ය ආදී අවස්ථාවන් වලට තමයි සිංහල බෞද්ධයා වැඩිපුරම මෙම සංකේත යොදාගන්නෙ. ඒ වගේම විවිධ අවස්ථාවන් වල අෂ්ඨ මංගල වස්තු හැටියට ගැනෙන සංකේත වෙනස් වන අවස්ථාත් දැකගන්න පුළුවන්. උත්සව අවස්ථාවල සැරසිල්ලක් ලෙසත් යොදාගැනෙන අෂ්ඨ මංගල සලකුණු අප අතර පවතින වැදගත් සංස්කෘතිකාංගයක් ලෙස හැඳින්විය හැකියි.
මේ අතරම මේ සටහනට එකතු කලයුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අප අද වෙනකොට මේ අෂ්ඨ මංගල වස්තු හැඳින්වෙන “අටමඟල” කියන වචනය අපහාස, උපහාස අවස්ථාවන්ට යොදාගැනීම. මෙහෙම යෙදුම් ව්‍යවහාරයට එකතු වුණේ කොයි කාලෙද? කව්ද පටන් ගත්තෙ? කොහොමද? කොහෙදිද? ….. ප්‍රශ්න ගොඩයි. හරියට බැළුවොත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අෂ්ඨ මංගල වස්තු වලට අපිම ගරහනව නේද?

අපේ දේවල් වලට, අපේ සංස්කෘතියට අපිම ගරහන පළමු හා එකම අවස්ථාව මේක නෙවෙයි. ව්‍යවහාරයෙන් තව ඕනෑ තරම් නිදර්ශන ගෙනහැර දක්වන්න පුළුවන්. අපි ඇයි මේ විදිහට අපේම දේ වලට ගරහන්න පුරුදු වෙන්නෙ? බොහෝ වෙලාවට මේ වචන වල ඇත්ත තේරුම නොදන්නා කම නිසා කොහෙන් හරි ඇහුණම ඒක කියන්න පුරුදු වෙනවා. මේ තත්වය මඟහරවා ගන්න හොඳම ක්‍රමය අපේ සංස්කෘතිකාංග ගැන මනා අවබෝධයක් ලබාගැනීම නේද? මේ ගැන සලකා බැලීම ඇත්තෙන්ම වටිනවා. සිංහලයගෙ සංස්කෘතිය ගැන සිංහලයා මිසක් වෙන කවුරු දැනගන්නද? අපි හැමවිටම අපේ දේ ගැන ඉගෙනගමු. අපේ සංස්කෘතිකාංග වලට ගරහන අවස්ථා හොයා ඒවා නිවැරදි කරන්න අපේ දායකත්වය උපරිමයෙන් ලබා දෙමු.

අටමඟල ගැන වෙනත් කථා

ශබ්දකල්පදුම නම් සංස්කෘත ශබ්ද කෝෂයේ සඳහන් වන්නේ සිංහ, වෘෂභ, හස්ති, පූර්ණකලශ, වල්විදුනා, ධ්වජ, ශංඛ, ප්‍රදීප යන වස්තූන් අෂ්ටමංගල වස්තූන් ලෙසයි. මානසාරයෙහි දැක්වෙන්නේ ශ්‍රීවත්ස, පූර්ණ කුම්භ, චාමර, ප්‍රදීප, ඡත්‍ර, දර්පන, ශංඛ හා ස්වස්තික යන අටයි. සිංහ, වෘෂභ, හස්ති යනූවෙන් සත්ත්වයන් නිරූපණය වන අතර පූර්ණ කලස නැතහොත් පූර්ණ කුම්භ යන්නෙන් පූන්කලසත්, වල්විදුනාව යන්නෙන් චාමර ද කොටි, හක් (සක්) ගෙඩිය ද පහන ද පිළිවෙළින් ධ්වජ, ශංඛ, ප්‍රදීප යන නම්වලින් සංකේතවත් වන අතර ශ්‍රීවත්ස යන්නෙන්විශ්ණූහූගේ ලපැත්තෙහි තිබෙන ලකුණක් හා බූද්ධ ශ්‍රී පාදයෙහි තිබෙන රේඛා ලකෂණයක් හැටියටත් ස්වස්තිකය ද බූද්ධ ශ්‍රී පාදයේ ඇති රේඛා ලකෂණයක් බවත් සූමංගල ශබ්ද කෝෂය අර්ථ නිරූපණය කරයි.

ජත්‍රය යනූ සේසතයි. දකෂිණාවර්ත ශංඛ, රෝචනා, චන්දන, මූක්තාඵල, හිරණ්‍ය, ජත්‍ර, චාමර සහ ආදර්ශ යන මේවා අෂ්ට මංගල වස්තූන් වශයෙන් පරාශරයෝ පෙන්වන අතර නාරද සංහිතාවේ දැක්වෙන්නේ බ්‍රාහ්මන, ධේනූ, අග්නි, හිරණ්‍ය, Gෘත, සූර්ය, ජල හා රජ යන මංගල වස්තූන්ය. ඉහත ශබ්ද කෝෂය අනූව මෙහි එන දර්පණ හා ආදර්ශ යනූ කැඩපත වන අතර රෝචනා යනූ ගෝරෝචනය. මූක්තාඵල හා හිරණ්‍ය යනූ මූතුඇටය හා අමූරත්තරන් වේ. Gෘත යන්නෙන ගිතෙල් ද ධේනූ යනූ ගව දෙන ද වේ. රජ යන්නෙන් අර්ථ කීපයක් ධ්වනිත වේ. සද්ධර්මාලංකාරයේ රජ, යම රජ්ජූරුවන් හා මෙන්ම රජදරුවෝ සූර්යදිව්‍ය පූත්‍රයා හා සමානය යනූවෙන් ද චන්ද්‍රයා වැනිය හ යනූවෙන් ද රජ දරුවෝ මාරයා වැනියහ යනූවෙන් ද රජ ගැන සාදෘශ්‍ය ඉදිරිපත් කරයි.

Most reason search:

  • atamagala

One thought on “මොන අටමඟුල මේ?

  1. Nice article thanks for sharing.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*